විදු මව් තුරුලින් පමණක් නොව ලක් මව් තුරුලින්ද දුරස්ව කල් ගෙවන හේනේගම මධ්‍ය මහා විද්යාලයේ සොයුරු සොයුරියනි . මෙතක් අප ආ ජීවන ගමන් මගේ මුලකුරු අපට කියා දුන් අප මිනිසුන් කළ ඒ උදාර විදු මව්නට ප්‍රතිඋපකාර කිරීමේ කාලයයි මේ …. !!!
පාසලේ විදුහල්පති විජය සත්යජිත් කුලරත්න මහතා සහ උප විදුහල්පති අජිත් පුශ්පකුමාර මහාතගෙ පූර්ණ අධික්ශණය යටතේ බිහිවුණ Henegama Central College expat Union හි සොයුරු සොයුරියන්ගේ සාමාජික අරමුදල් බැංකු ගිණුම අද දින සම්පත් බංකුවේ ගම්පහ ශාඛාවේදී විවෘත විය.
ගිණුමේ නම “Expat Union Henegama Central College”
ගිණුම් අංකය 101660929264
නිළධාරී මණ්ඩලය
1 .ගරු සභාපති විදුහල්පති විජය සත්යජිත් කුලරත්න මහතා
2. ගරු ලේකම් නියෝජ්‍ය විදුහල්පති අජිත් පුශ්පකුමාර මහතා
3. ගරු භාන්ඩාගාරික රුචිර සහන් සොයුරා
කටයුතු කරණු ඇත.
පාසලෙන් වෙන්වි උපන් රටෙන්ද දුරස්වී කල්ගෙවන අපට තමන් උදාරතර මිනිසුන් කෙරූ හේනේගම විදුහල් මාතාව වෙනුවෙන් ප්‍රතිඋපකාර කෙරුමට කාලය අවස්ථාව එලැඹිලා .
ඉතින් සොයුරනේ සොයුරියනේ අප කලින් ඉදිරිපත් කෙරුණු ආකාරයට පාසලේ ප්‍රධාන ශාලවේ වේදිකාව නවීකරණය කිරිමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින අතර ඒ සඳහා ඔබ සැමගේ උපරිම දායකත්වය සපයන මෙන්
දන්වා සිටිමි…
මෙහිදී මෙම ගිනුමේ මුදල් තැන්පත් කරණ සියලුම දෙනා තැන්පතුවේදී බැංකුව නිකුත් කරන රිසිට් පතේ ස්කෑන් පිටපතක් මෙම අන්තර්ජාල ලිපිනයට ලැබීමට සලස්වන්න – admin@henegamacc.org
එසේ කළ නොහැකි අවස්ථාවකදී ,
මුදල බැර කළේ ලංකාවෙන් පිටත රටකින් නම්
අදාල මුදල් එවූ රටේ නම
ආයතනයේ නම සහ ශාඛාව
මුදල් එවූ දිනය
මුදල් එවූ රිසිට් පතේ අංකය
එවූ මුදල ( රුපියල් වලින් )
දන්වා එවීමට කටයුතු කරන්න. මෙය ගිණුම් වාර්තා සැකසීම සඳහා අනිවාර්යන්ම කළ යුත්තක් බව සලකන්න
මෙම කටයුතු සාර්ථකව සහ ඉක්මනින් ඉටුකරගැනීමට තමාගේ වටිනා කාලය කැපකරමින් අපහට පූර්ණ සහයෝගය ලබා දුන් පාසලේ විදුහල්පති විජය සත්යජිත් කුලරත්න මහතා සහ උප විදුහල්පති අජිත් පුශ්පකුමාර මහතා ,රුචිර සහන් සොයුරාටත් ඉන්දික ප්‍රභාත් සොයුරාටත් විශේෂ ස්තූතිය පුද කරමි.
දුලිප් දෙනවක.




